ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 12ක සංචාරකයන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුල්වීම තහනම් කරමින් විශේෂ ප්‍රකාශනයකට අත්සම් තබා තිබුණා.
එම පැනවු තහනම් නියෝගය අද (09) සිට ක්‍රියාත්මක වේ.
මෙම තහනමට පනවා තිබෙන්නේ ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල්වලටයි.
ඊට අමතරව, බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයින් සඳහා අර්ධ සංචාරක තහනමක් පනවා ඇති බව වාර්තා වනවා.
ආරක්ෂක හේතූන් පදනම් කරගනිමින් මෙම පියවර ගන්නා බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.