කොළඹ මහ නගර සභාවේ බලය ලබන ජුනි 16 වැනිදා පළාත් පාලන කොමසාරිස්වරයාගේ මැදිහත්වීම යටතේ පැවැත්වෙන රහස් ඡන්දයකින් පිහිටුවීමට නියමිත බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය (NPP) පවසන්නේ, තම සභිකයින් මේ වන විටත් අඛණ්ඩව මහජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරමින් සිටින බවයි. ජාතික ජන බලවේගය විසින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා නම් කර ඇති ව්‍රායි කැලී බල්තසාර්, මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළා.
ඇය පැවසුවේ,
“අපි මහජනතාවගේ යහපත වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී කටයුතු කරනවා. කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමත් සමඟ, ජනතාවට ඵලදායී සහ විනිවිදභාවයෙන් යුත් සේවාවක් ලබා දීමට අපි බැඳී සිටිනවා, ඒක අපේ වගකීම කොළඹ නගර සභාවේ දුෂණය වංචාව කියන දේ උඩින්ම තිබ්බ තැනක්. අපිට අවශ්‍ය කාර්යක්ෂමව සරලව වැඩ කරන්න අපි නගරය ගොඩ නගන්න විතරයි අවශ්‍ය. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන අපි ජනතාවගේ මුදල් අවභාවිතා කරන්න අපි සුදානම් නැහැ. . නමුත් සජබය අවශ්‍ය කොහොම හරි මේ බලය ලබා ගන්න. ඔවුන් මේ දේ ව්‍යාපාරයක් කරගන තියෙන නිසා ඔවුන් පොරකාල හරි බලය අල්ල ගන්න හදනවා. මහජනතාව අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා අපිට කිසිම බයක් නැහැ. ” යනුවෙනි.