කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරය සදහා රහස් ඡන්දයකින් අද (16) ආරම්භ වුණා.
ඒ, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කරගැනීමට නම්, සභික ධුර 117 න්, 59 ක් හිමිකර ගත යුතුව තිබෙනවා.
මේ අනුව නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දයෙන් ව්‍රායි කැලී බරතසාර් ඡන්ද 61 කින් තෝරා පත් වී තිබෙනවා.
රීසා සරුක් මොහොමඩ් ඡන්ද 54 ලබා ගෙන තිබෙන අතර නගරාධිපති ලෙස තේරී පත් වන්නේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මියයි.
නව නගරාධිපතිනියට TTV NEWS වෙතින් උණුසුම් සුබ පැතුම්