අද (23) අලුයම ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව සඳහන්.
අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර තිබෙනවා.
අදාළ සේවකයා විසින් ඔහුට දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් මීට පෙර දිනයක දී තර්ජනය කර ඇති බවත් පොලිසිය සදහන් කර සිටින අතර පොලිසිය සැක පළ කරන්නේ එම පුද්ගලයා විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි.