පාසල් ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වූ ගුරු වැටුප අද (23) දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව පවසා තිබෙනවා.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි සඳහන් කළේ සෑම මසකම 20 වැනි දින ගුරුවරුන්ගේ මාසික වැටුප ලබාදීම සිදුවුව ද මෙවර ජුනි මාසයේ වැටුප මෙතෙක් ලැබී නොමැති බවයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කර සිටියේ පසුගිය මාසයේ දීති ගුරුවරුන්ගේ වැටුප් ලබාදීම ප්‍රමාද වි තිබී අතර ඊට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතු බව ද ඔහු පවසනවා.