පවතින යුදමය තත්ත්වය හමුවේ විශ්ලේශකයන් පුරෝකතනය කරන්නේ තෙල් මිල ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවයි.
යුධමය තත්වය නිසා ඉදිරියේදී තෙල්ර් සම්බන්ධ අර්බුදකාරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ මේ වන විට ගෝලීය ඉන්ධන මිල ඉහළගොස් තිබෙනවා.
අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු ගෝලීය ඉන්ධන ප්‍රවාහනයේ මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය උත්සාහ කරමින් සිටියා.
මේ අනුව සියයට 3ක මිල ඉහළයාමත් සමග බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වුණා.