ඉරාන – ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාල සීමාවේදී ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඉරානය සිදුකළ පහරදීමට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් බවයි.
ඒ අනුව ඉරානය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට එරෙහිව බලගතු ප්‍රචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දුන් බවද ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසා තිබෙනවා.
කෙසේ වෙතත්ට සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු තමන් විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල නොකළ බව ඉරානය පවසනවා.
ඒ අනුව සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ඉරානය ඊශ්‍රායලයට පහර දුන් බවට වාර්තා අසත්‍ය බවයි ඉරාන සන්නද්ධ හමුදා ජෙනරාල් Abdolrahim Mousavi සඳහන් කර තිබෙන්නේ.
කෙසේ නමුත් ඊශ්‍රායලය චෝදනා කරන්නේ සටන් විරාමය ආරම්භ කළ පසු ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල වූ බවයි.