ඉහළ නිලධාරීන් ලෙස හෝ ඉහළ සේවකයින් ලෙස අධි මානසිකත්වයෙන් බැහැරව සියලු දෙනා එක සේ වැඩ කළ යුතු බව අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසා සිටියි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ සැළසුම් පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩකටයුතු සහ ඒ වෙනුවෙන් සිදුකෙරෙන ප්‍රායෝගික වැඩපිළිවෙළ පිළිබදව ද සාකච්ඡා කෙරුණා.
මෙම අවස්ථාවට එක්වූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සූකර උණ සම්බන්ධයෙන් සමාජයේ පැතිරයන වැරදි මත පිළිබඳව ද පැහැදිලි කළාය.