ත්‍රී රෝද රථ සඳහා අමතරව එක්කර ඇති අනාරක්ෂිත කොටස් ඉවත් කිරීම සදහා ගෙන ඇති තීරණයට සහාය දක්වන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
නීතියට අනුව සිදුවන ඕනෑම වැඩපිළිවෙළකට නීතියට අවනත ව කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි එම වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ප්‍රකාශ කළේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති,
අපි කිව්වා එදත් නීති විරෝධිව සිදු කරන අනාරක්ෂිතව වගකීමකින් තොරව කටයුතු කරන ඔනම දෙයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.
හයර් දුවන ත්‍රිරෝද රථවලට කැලි එල්ලගත්තා කියලා හයර් එන්නේනෙ නැ. තවදුරටත් අයාලේ ගියා ඇති පොලිසියට නිතියට යටත්ව කැලි ගලවගන්න කිසිදු විරෙුද්ධත්වයක් නෑ.