• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
in විදෙස්, විශේෂාංග, වෙනත්
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල
0
SHARES
22
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක ප්‍රසිද්ධ මාර්ගගත වාණිජ සමාගමක් වන ‘ඇමසන්’ සමාගමේ හිමිකරු හා ලොව ප්‍රමුඛ පෙළේ බිලියනපතියන් අතර ඉහළින් ම වැජඹෙන ජෙෆ් බේසෝස් ගේ අති සුඛෝපභෝගී විවාහ මංගලෝත්සවය ඉතාලියේ වැනීස් නුවර දින තුනක් පුරා පැවති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර සිටියා.

වර්තමානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 237 කට හිමිකම් කියමින් ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ 04 වන ස්ථානයේ පසු වන 61 හැවිරිදි බේසෝස් මෙසේ විවාහ කරගනු ලැබුවේ ඇමෙරිකාවේ හිටපු මාධ්‍යවේදිනියක් වන 55 හැවිරිදි ලොරේන් සැන්චේස්වයි.

පසුගිය සෙනසුරාදා දිනයෙන් අවසන් වූ මෙම සුපිරි විවාහ මංගලෝත්සවය සඳහා ආසන්න වශයෙන් යුරෝ මිලියන 42 ක් වැය වූ බව ගණන් බලා ඇති අතර, ඔහු විසින් ලොරේන් වෙනුවෙන් පැළඳ වූ මංගල මුදුවේ වටිනාකම පමණක් ඩොලර් මිලියන 4 ක් වන බව වාර්තා වනවා.

ඉතාලියේ වැනීස් නගරයේ ශාන්ත මාර්ක් චතුරශ්‍රයට එපිටින් පිහිටි සැන් ජෝර්ජියෝ මැගියෝර් දූපත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ මෙම විවාහ මංගලෝත්සවය සඳහා බිල් ගේට්ස්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ඔර්ලන්ඩෝ බ්ලූම්, ටොම් බ්‍රැඩි, ජෝර්දානයේ රැජින රානියා, ඔප්රා වින්ෆ්‍රේ, ක්‍රිස් ජෙනර් සහ කිම් සහ ක්ලෝයි කාර්ඩෂියන් මෙන්ම ඉවන්කා ට්‍රම්ප් සහ ජැරඩ් කුෂ්නර් ඇතුලු ප්‍රසිද්ධ අමුත්තන් 200 ක් පමණ සහභාගී වූ අතර එය පෞද්ගලික උත්සවයක් ලෙස රහසිගතව පැවති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් ම මෙසේ පැමිණි අමුත්තන් සඳහා වැනීසියේ තරු පහේ හෝටල් 05 ක් වෙන් කර තිබූ බව වාර්තා වන අතර, මෙකී අමුත්තන් වැනීසියට ගෙන්වා ගැනීම වෙනුවෙන් ජෙට් යානා 90 ක් ද භාවිතා කර ඇති බවත් එම නිසා වැනීසියේ මාර්කෝ පෝලෝ ගුවන්තොටුපොළට ඩොලර් මිලියන 48 ක ආදායමක් ලැබී ඇතැයි ද වාර්තා වනවා.

ජෙෆ් බේසෝස් ගේ මෙකී අති සුඛෝපභෝගී විවාහ මංගලෝත්සවය සමඟ ඉතාලියේ වැනීස් නුවර පුරා විරෝධතා ව්‍යාපාර ආරම්භ වීමත්, ඇමසන් සමාගමේ සේවකයන් වෙත රතු නිවේදන නිකුත් කරමින් ඔවුන් ව බලහත්කාරී සේවාවන්හි නියැලීම සඳහා පෙළඹවීම හේතුවෙන් ඇති වූ කතාබහත්, ලෝකයට පෙර සඳහන් කළ ඩොලර් මිලියන 50 ක විවාහ මංගලෝත්සවය පසුපස ඇති ධනපති කෲරත්වයේ කතාව පිළිබඳ සැපයූ ඉඟිය අප විසින් සුළු කොට තැකිය යුතු නැහැ.

බිලියනපති බේසෝස් විසින් තමන්‌ගේ නගරය සූරා කන ලෙස පවසමින් විරෝධය දැක් වූ වැනීසියේ ජනතාව පවසා සිටියේ අධික සංචාරක ව්‍යාපාරය, දැරිය නො හැකි නිවාස කුළී, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන ගංවතුර ආදී නිරන්තර තර්ජනයෙන් තම නගරයේ සාමාන්‍ය පදිංචිකරුවන් පීඩා විඳින බවයි.

ඒවාට හේතුව අනෙකක් නොව තම ජනතාවගේ ශ්‍රමය සූරා කමින් ඒවායින් සුර සැප විඳින, නියමිත පරිදි බදු මුදල් නො ගෙවා පැහැර හරින ධනපති පන්තිය බව එම විරෝධතාවන්ට සහභාගි වූ විරෝධතාකරුවන්ගේ ප්‍රධාන තර්කය වූ අතර ඒ බව වඩාත් පැහැදිලි කරමින් එම විරෝධතාවන්ට සහභාගි වූ විරෝධතාකරුවෙකු මාර්ටිනා වර්ගානෝ පවසා සිටියේ, තවත් බොහෝ අය සූරාකෑමෙන් මුදල් රැස් කරන මෙම ධනවතුන්ගේ සැලසුම් විනාශ කිරීම දිගටම කර ගෙන යාමට තමා ඇතුලු විරෝධතාකරුවන් පිරිස ඒ සඳහා සහභාගි වූ බවයි.

විරෝධතාකරුවන් විසින් මෙම විරෝධතා ව්‍යාපාරයේ එක් ප්‍රධාන සටන් පාඨයක් වූ “No Space for Bezos” (බෙසෝස් සඳහා ඉඩක් නැත!) යන සටන් පාඨය සඳහන් බැනර්, සුප්‍රසිද්ධ රියාල්ටෝ පාලම මත හා ශාන්ත මාර්ක් චතුරශ්‍රයේ විශාල කැන්වසයක් මත ප්‍රදර්ශනය කරමින් ලෝකය පුරා බූවල්ලෙක් සේ පැතිර සිටින මෙම තාක්ෂණික ප්‍රකෝටිපතියාට වැඩි බදු ගෙවන ලෙස ඉල්ලා සිටි අතර, ඔවුන්ගේ අදහස වූයේ තම නගරය පසුතලයක්, වේදිකාවක් හෝ විනෝද උද්‍යානයක් ලෙස දැකිය යුතුයැයි යන අදහස බේසෝස්ගේ විවාහ මංගල්‍යයෙන් පෙර නොවූ විරූ ලෙස ඉස්මතු කර තිබෙන බවයි.

“අපි විවාහ මංගල්‍යයන්ට එරෙහිව විරෝධතා දක්වන්නේ නැත, නමුත් පරිභෝජනය සඳහා පමණක් පැමිණෙන නගරයක් ලෙස වැනීසිය පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වමු” නම් අදහසින් යුතු Kisses Yes Bezos No යනුවෙන් සඳහන් වූ පුවරු ද වැඩි වශයෙන් ප්‍රදර්ශනය කළ විරෝධතාකරුවන්ගේ වැඩිදුරටත් දක්වා සිටියේ, බේසෝස් යනු “බොහෝ දෙනෙකුගේ ශ්‍රමය සූරාකෑම මත ගොඩනගා ඇති ධනයේ” සංකේතයක් වන අතර, ඇමසන් සමාගමේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වූ හා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණයෙන් පසුව පැවති උත්සවයට සහභාගි වූ බව කිසිසේත් ම අමතක නො කළ යුතු බවයි.

කෙසේ නමුත් සියවස් ගණනාවක් තිස්සේ පාප්වරුන්, අධිරාජ්‍යයන් සහ සාමාන්‍ය අමුත්තන් එක සේ පිළිගත් සියල්ලන්ට ම විවෘත නගරයක් ලෙස වැනීසියේ සම්ප්‍රදායන්ට අනුකූල යැයි පවසමින් නගරයේ පරිපාලනය විසින් මෙම විවාහය සඳහා විරෝධතාකරුවන් දැක් වූ විරෝධය නො සලකා හැර තිබෙනවා. ඔවුන් පවසා සිටියේ මේ විරෝධතාකරුවන් සුළුතරයට වඩා බේසෝස්ගේ කීර්තිය සහ බේසෝස හරහා වැනීසියේ විස්මයජනක දෘශ්‍ය පසුබිම අන්තර්ජාතික වශයෙන් ප්‍රකට වීම හරහා ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් අවධානය ලැබී දී ඇති අතර එය ඔවුන් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමට කටයුතු සිදු කරන බවයි.

බේසෝස් සහ සැන්චෙස් යුවල වැනීසියානු ආයතන තුනකට යුරෝ මිලියන 1 බැගින් පරිත්‍යාග කර ඇති අතර, එය පරිපාලකයන් නිහඬ කිරීමේ සන්තෝසම ලෙස හඳුන්වාදීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබුණා. විරෝධතාකරුවන් අතර සිටි 24 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන ඇලිස් බසෝලි පවසා සිටියේ, ජෙෆ් බේසෝස් වැනීසියේ සංවේදී පරිසර පද්ධතිය අධික දූෂණයක් ඇති පෞද්ගලික ජෙට් යානා හා යාත්‍රා වලින් පුරවා ඇති “කුහකයෙක්” මිස අන් කවරකුත් නොවන බවයි.

මේ අයුරින් වැනීසියේ විරෝධතා පවතින අතරවාරයේ ජෙෆ්ගේ ‘ඇමසන්’ සමාගම එහි සේවකයන් 350,000 කට ආසන්න පිරිසකට එහි එහි ප්‍රධාන කේන්ද්‍රීය නගරවලින් එකකට එනම් සියැටල්, ආර්ලිංටන් (වර්ජිනියා) හෝ වොෂින්ටන් ඩී.සී. ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන් ම යා යුතු බව දන්වනු ලැබ ඇති අතර, එසේ ස්ථාන මාරු වීමට නොහැකි නම් සේවයෙන් පහ කිරීමට පෙර ඉල්ලා අස් වන ලෙස දන්වා තිබෙනවා. මින් පෙර දී ද ඇමසන් සමාගමේ වෘත්තීය සමිති පිහිටුවීමට ඉඩ නො දෙමින් ජෙෆ් කටයුතු කිරීමේ සිද්ධියක් පිළිබඳ ව වාර්තා වී තිබුණා.

ආයතනික ශ්‍රම බලකා ව්‍යුහය නැවත සකස් කිරීම අරමුණු කරගත් පුළුල් පියවරක් ලෙස දක්වමින් මානුෂීය නැඹුරුවක් නොමැති යාන්ත්‍රික රොබෝවරු සේ සේවකයන් වෙත බලහත්කාරී බලය යොදවන ජෙෆ් බේසෝස් වැනි ධනපතියන් හරහා ධනේෂ්වර ආර්ථිකයේ අසාර්ථකත්වය නැවත නැවතත් අපට පෙනෙන බව අරුමයක් නොවෙයි.

දිගින් දිගටම ශ්‍රමය සූරාකමින් සේවකයන්ගේ සේවා අයිතීන් හුදු දූවිල්ලක් තරමටවත් මායිම් නොකරන මෙකී ධනපති පන්තියේ මිලේච්ඡත්වය මායිම් නොකර, ඔවුන්ගේ ආනුභාවය පිළිබඳ කවි ගී ලියන මිනිසුනි, ඔවුන්ගේ විවාහයේ බර පවා ශ්‍රමය සූරාකෑමට ලක්වන නිර්ධන පන්තියට ඔසවා සිටීමට සිදුවීමේ ඛේදාන්තයේ අඳුර ඔබට පෙනෙන්නේ නැද් ද?

 

  • ජිමුත් ඉඳුසර රත්නායක 
Post Views: 26
Previous Post

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

Next Post

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

Editor TTV News

Editor TTV News

Next Post
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

25 July 2025
රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

25 July 2025

Recent News

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

25 July 2025
රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

25 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved