රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක වෙනුවෙන් වර්ෂ 2025 සඳහා නිවාස ආධාර වැඩසටහනට රුපියල් මිලියන 100 ක මුදලක් සබරගමුව පළාත් සභාව මඟින් වෙන් කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සඳහන් කරයි.
වැන්දඹු, රෝගාබාධ සහිත දෙමාපියන් සහ දරුවන් සිටින, කාන්තා මුලික, පවුල් ඒකක වෙනුවෙන් එක් නිවසක් තනා ගැනීම හෝ අළුත්වැඩියාව සඳහා රුපියල් දෙලක්ෂ පනස් දහසක් මේ යටතේ ආධාර ලෙස පිරිනමන බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය වැඩිදුරටත් පවසයි.
නිවාස ආධාර ලාභීන් සතුව නීත්‍යානුකූලව සනාථ කල භූමියක් මේ සඳහා අවශ්‍යය.
රුපියල් ලක්ෂයක් සහ රුපියල් හැත්තෑපන් දහසක් ලෙස වාරික දෙක බැගින් මෙම මුදල ප්‍රදානය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.
මෙම නිවාස වැඩසටහන යටතේ මෙම වර්ෂය තුල පමණක් නිවාස 509 ක් ඉදිකිරීමට අපේක්ෂිතය.
වර්ෂ 2024 දී මුළු මනින්ම ඉදිකර අවසන් නොවූ තවත් නිවාස 250 ක් සඳහා ඉතිරි වාරික මුදල් ද මේ යටතේ පිරිනැමේ.
සබරගමු පළාත් සභාවේ, ප්‍රධාන අමාත්‍යංශය මඟින් මෙම නිවාස වැඩසටහන මුළුමනින් ම ඇගයීමට ලක් කරනු ලබයි.