එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපදයේ 45 වන සහ 47 වන ජනාධිපතිවරයා ලෙස ඔහුගේ අනන්‍යතාවය සමරමින් “වික්ටරි 45-47” නව සුවඳ විලවුන් සහ කොලෝන් පෙළක් හඳුන්වා දී තිබෙනවා.
පිරිමින් සහ කාන්තා දෙපාර්ශවය සඳහාම අලෙවි කරන මෙම සුඛෝපභෝගී සුවඳ විලවුන් පෙළ නිකුත් කර ඇත්තේ “ජයග්‍රහණය, ශක්තිය සහ සාර්ථකත්වය” යන තේමාවන් සමඟයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social වේදිකාවේ තම අනුගාමිකයින් දිරිගන්වා ඇත්තේ මෙලෙසින්,
“ඔබටම බෝතලයක් ගන්න, ඔබේ ආදරණීයයන් සඳහාත් එකක් ලබා ගැනීමට අමතක නොකරන්න. රසවිඳින්න, විනෝද වන්න, සහ දිගටම ජයග්‍රහණය කරා යන්න!”
“Victory 47” කාන්තාවන් සඳහා වන සුවඳ විලවුන් වන අතර සෑම ඉසිනයකම “විශ්වාසය, අලංකාරය සහ නොනවතින අධිෂ්ඨානය” යන තේමාවන් සමඟින් නිර්මාණය කර ඇති අතර, ඒවා සංකීර්ණ සහ මෘදු සුවඳකින් යුක්ත වනවා.
සුවඳ විලවුන් දෙකෙහිම ට්‍රම්ප්ගේ රුව නිරූපිත රන් ආලේපිත ප්‍රතිමාවක් ලෙස සහ ඔහුගේ දෑතින් පොම්ප කරන ඡායාරූපය ඇතුළත් බෝතල් නිර්මාණය ඇතුළත්. එය ඔහුගේ ප්‍රසිද්ධ පෙනී සිටීම් සහ දේශපාලන රැලි අතරතුර ජනප්‍රිය වූ සංකේතයක් වීම විශේෂත්වයක්.
සෑම බෝතලයක්ම ඩොලර් 249 කට (ආසන්න වශයෙන් රුපියල් 21,300) අලෙවි කෙරෙනවා. ගැනුම්කරුවන් බෝතල් දෙකක් මිලදී ගන්නේ නම් ඩොලර් 100 ක වට්ටමක් ඇති අතර එමඟින් එකක මිල ඩොලර් 199 (රු. 17,035) දක්වා පහත වැටෙනවා .