කුරුවිට පොලිස් වසමේ දෙවිපහළ දොඩන්ඇල්ල මාර්ගයේදී නඳුනන පුද්ගලයෙකු විසින් කාන්තාවකගේ ගෙළ ප්‍රදේශයේ කැපුම් තුවාල සිදුකර ගෙළ පැලඳි රන් මාලය සොරාගෙන පලාගොස් ඇති බව වාර්තා වනවා.
මෙම සිද්ධිය 2025.07.02 වන දින සවස් කාලයේ දී සිදු වූ අතර කුරුවිට පොලිස් ස්ථානය විසින් ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කැපුම් තුවාල සහිතව ඇද වැටී සිටි කාන්තාව රත්නපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
මරණකාරිය වයස අවුරුදු 26 ක් වන දෙවිපහළ, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.