අද (03) උදෑසන කඳාන පොදු වෙළෙඳ සැල අසල දී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසිනුයි මෙම ප්‍රහාරය සිදුකර තිබෙන්නේ.
වෙඩිතැබීමකින් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.