වෙළෙඳපොළේ පවතින ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබෙනවා.
දරුවන්ගේ සෞඛ්‍යයට දැඩි ලෙස බලපෑම් එල්ල වන මෙවැනි ප්ලාස්ටික් නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම වළක්වා ගැනීම සදහා ගත හැකි උපරිම තීන්දු තීරණ ගන්නා බවයි විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.
එය ඉදිරි මාස දෙකක කාලය තුළදී මෙම දැඩි තිරණය ගන්නා බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,
“උණු වතුර දාන්න හොඳ නැති ප්ලාස්ටික් බෝතල්වලටත් වතුර දානවා. ලෝකය මේ භාණ්ඩ නිෂ්පාදනයේදී සැලකිලිමත්වෙලා තියෙන ආකාරය ඒවායේ අඩංගු පිළිකාකාරක පිළිබඳ අවධානය යොමුකරලා තියෙනවා. වෙළෙඳපොළේ කරපු පරීක්ෂණවලදී අවදානම් සහිත බරපතල තත්ත්වයන් වාර්තාවෙලා තියෙනවා. අපි තීරණයක් ගත්තා ඉදිරි මාස දෙකක් තුළ මේ ගැන දැඩි තීරණ ගන්නවා. ආනයනකරුවන්, නිෂ්පාදකයින් ගෙනැල්ලා ඔවුන්ට කරුණු කියනවා. විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් අපි පත්කරනවා. ඒ කමිටුවට සියලුම පාර්ශ්වයන්ට ඇවිත් කරුණු කියන්න පුළුවන්. අපි මාස දෙකකට පසුව එන වාර්තාවෙන් පසුව දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම තීරණ ගන්නවා.”