හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2015 ජනාධිපතිවරණ සමයේ දී රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ.
ඊට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණු අතර එහි දි ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.