ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.
සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යෑම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ‘ප්‍රජාශක්ති’ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
ප්‍රජාශක්ති මෙහෙයුම් කමිටුව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් 9 දෙනකුගෙන් සහ පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්ගෙන් සමන්විත වන අතර කමිටුවේ ලේකම් හා කැඳවුම්කරු වශයෙන් ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන පරිපාලන) කටයුතු කෙරේ.