හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ අද(04) දහවල් 11.30ට පමණ වන අතර අනතුරින් තුවාල ලබූවන් ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.
මෙම අනතුර හේතුවෙන් හලාවත – පුත්තලම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී තිබුණා