අනුරාධපුර නගරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කිරීමට සිටි බ්‍රෑන්ඩින් ව්‍යාපෘතිය යටතේ තීරණය කර තිබේ.
ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර අදාළ ගැටලු හඳුනාගැනීමේ නිරීක්ෂණ චාරිකාවකට ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් එක්ව සිටි අතර ඔවුන් පවසා සිටියේ අනුරාධපුර නගර සංවර්ධනයේ දී නගරයේ පිහිටා ඇති ප්‍රධාන වැව් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බවයි.
ඒ අනුව බණ්ඩාරනායක කෞතුකාගාරය. නුවරවැව, බසවක්කුලම සහ මල්වතුඔය අසළ තොටුපොල සියල්ල මෙම ජනතා නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක්විය.
නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය සේන නානයක්කාර, තිළිණ සදරුවන් යන අය මීට එක්ව සිටියහ.