වයඹදිග චීනයේ පෞද්ගලික හිමිකාරීත්වයකින් යුත් පෙර පාසලක ආහාර විසවීමකින් ළමයින් 200 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ආහාර අලංකරණය සදහා යොදාගත් තීන්ත වර්ගයක් විසවීමෙන් ළමයින්ගේ රුධිරයේ ඊයම් මට්ටම ඉහළ යාම හේතුවෙන් බවයි.
පෙර පාසලේ දරුවන් සදහා පැවති ආහාර අලංකරණ වැඩසටහනකදී වර්ණ ගැන්වූ රට ඉඳි කේක් සහ සොසේජස් ඉරිඟු බනිස් දරුවන් ආහාරයට ගෙන තිබෙනවා.
සිසුන්ගේ රෝග ලක්ෂණ අතර බඩේ සහ කකුල්වල වේදනාව, ආහාර රුචිය නැතිවීම සහ හිසකෙස් ගැලවී යාම ඇතුළත් බව දෙමව්පියන් විසින් එරට මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.