• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී මන්ත්‍රීවරුන්ට ‘ඉතා අඩු’ බද්දක් – ඇයි?

9 July 2025
in දේශීය, පුවත්, විශේෂාංග, වෙනත්
ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී  මන්ත්‍රීවරුන්ට ‘ඉතා අඩු’ බද්දක් – ඇයි?
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

මන්ත්‍රීවරුන් අඩුවෙන් බදු ගෙවන්නේ ඇයි?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන වැටුප සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබෙනවා.

ඒ, කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සිය ෆේස්බුක් පිටුවේ වැටුප් පත්‍රිකා කිහිපයක් මුදා හැරීම හේතුවනි.

මෙම වැටුප් පත්‍රිකාවට අදාළව සඳහන් බදු අය කිරීම අවම ගණනකට යටත්ව ඇති හේතුව කුමක් ද? යන්න පිළිබඳව විමසා බලමු

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නම පැවසීමට අකමැති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා සිටියේ මෙලෙසයි.

මීට වසර දෙකකට පමණ ඉහතදී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව රාජ්‍ය සේවකයින්ගේ දීමනා ආදිය සඳහා බදු අය කිරීමේදී යම් ප්‍රතිශතයන් සඳහා සීමාවන් පැනවීමක් සිදුකර තිබෙනවා.

“මේ මන්ත්‍රීවරයාගේ වැටුප් පත්‍රිකාව අනුව ඒකෙ දුරකතන, ප්‍රවාහන සහ සහ ඉන්ධන වෙනුවෙන් දීමනාවන් ලබා දීලා තියෙනවා. 2023 අවුරුද්දේ අප්‍රේල් 06 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සේවා නියුක්තික ආදායම් ගණනයේදී ප්‍රතිලාභ සඳහා ඇතැම් මුදල් ප්‍රමාණයන් ප්‍රමාණනය කිරීම කියලා.”

“ඒකෙ 03 වෙනි සහ 04 වෙනි අයිතම්වලදී පිළිවෙළින් දැනුම් දීලා තියෙනවා ඉන්ධන සහ වාහන සඳහා වෙන් කරන මුදලින් සියයට 25ක් විතරයි බද්දට යටතේ වෙන්නේ කියලා. එතැනින් සියයට 75ක් බද්දට යටත් වෙන්නේ නැහැ.”

“මේ අයවත් පාර්ලිමේන්තු සේවකයින් කියල යි ගණන් ගන්නේ. මේ මන්ත්‍රීවරුන් සේවා නියුක්තිකයෙක් විදිහට ඔවුන්ගේ රාජකාරී සඳහා වන ගමන් වියදම් රාජකාරී සඳහා කරන වියදම් ගණනය කරන්නේ රාජකාරී අවශ්‍යතා වෙනුවෙන්.”

“එතකොට මේ මන්ත්‍රීවරයාගේ වැටුපේදී ඉන්ධන, ප්‍රවාහන වගේ ම දුරකතන දීමනා එකතු කරලා බැලුව ම ලක්ෂ 02කට අධික මුදලක් තියෙනවා. එතකොට ඒ මුළු මුදලෙන් 25%කට වගේ තමයි බදු අය කිරීම සිදුකරලා තියෙන්නේ පෙනෙන විදිහට.”

“ඒ වගේ ම මේ බදු සහනය රජයේ සේවකයින්ට විතරක් නෙමෙයි, පෞද්ගලික අංශයේ අයටත් සහන තියෙනවා මේ චක්‍රලේඛය ඔස්සේ,” එම නිලධාරියා පැවසුවේ ය.

-BBC

‘මන්ත්‍රීවරුන්ගෙන් අය කරන බදු අඩුවීම විශාල ගැටලුවක් වෙලා’

මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් පත්‍රිකාවේ ඔවුන්ගෙන් අය කරන බදු මුදල අඩු අගයකින් සඳහන්ව තිබීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ගැටලුසහගත තත්ත්වයක් මතු කර ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ ය.

“මෑත කාලයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණු විශේෂ සටහනක් තිබුණා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප් පත්‍රිකාවක්. ඒ වැටුප් පත්‍රිකාව ගත්ත ම ගොඩක් දෙනා බලන්න ඇත්තේ මන්ත්‍රීවරයෙකු කොපමණ මුදලක් වැටුපක් විදිහට ගන්නව ද කියලා. අපි සාමාන්‍යයෙන් කිව්වේ උපයන විට බද්දකට ගෙවීමට යටත් වෙනවා. නමුත් දැන් අපි ඒකට කියන්නේ අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද කියලා.”

“දැන් ඔය ඉන්කම් ටැක්ස් එක මන්ත්‍රීවරුන්ගෙන් කොච්චරක් අඩු කරලා තිබුණා ද කියලා බැලුව ම අපිට පෙනී ගිය කරුණක් තමයි, ඒ වැටුපෙන් අඩු කරලා තියෙන බදු අනුපාතය ඉතා ම අවමයි කියන එක. සාමාන්‍යයෙන් ලක්ෂ 03ක විතරක් ආදායමක් ලබන මන්ත්‍රීවරයෙක් මාසිකව අවම වශයෙන් රුපියල් 20,000ක් වගේ බද්දකට යටත් වෙන්න ඕන. නමුත් අද අපි දකින දේ තමයි මන්ත්‍රීවරයෙකුගේ බදු අඩුවෙලා තියෙන්නේ රුපියල් 4,000-5,000ත් අතර ගාණක්. ඒ නිසා විශාල ගැටලුවක් තියෙනවා කොහොම ද මන්ත්‍රීවරුන් මෙච්චර අඩු ටැක්ස් එකකට යටත් වුණේ කියලා.”

  • රජයට බදු ගෙවන ජනතාව පුරවැසියන් ලෙස තමන්ට හිමි සහන සහ වරප්‍රසාද ගැන තෘප්තිමත් ද?
  • මොකක් ද මේ Tax Return? බදු වාර්තා ගොනු කරන්න බැරිවුණු දහස් ගණනකට කුමක්

“සමහරක් විට ඔවුන්ගේ සමහර දීමනා බදුවලින් ඉවත් කරලා ඇති. නමුත් ආදායම් බදු පනතට අනුව නම් මන්ත්‍රීවරයෙක් උපයන සියලු ම ආදායම්, බද්දට යටත් වෙන්න ඕන. ඊළඟ ගැටලුව තමයි මන්ත්‍රීවරුන් වසර අවසානයේදී බදු ගෙවනවා නම් ඒ බදු ගෙවද්දී තමන් කලින් ගෙවපු බදු අඩු කර ගන්න පුළුවන්. එතකොට කලින් බදු අඩුවෙන් ගෙවලා තියෙනව නම් වසර අවසානයේදී මන්ත්‍රීවරුන්ට විශාල අදායම් බද්දක් ගෙවීමට යටත් වෙන්න වෙනවා.”

“මන්ත්‍රීවරුන් ඔක්කොට ම බදු ලිපිගොනු තියෙන්න ඕන මේ ලබන වැටුපත් එක්ක. එතකොට ඔවුන් ඔක්කොට ම වසර අවසානයේදී විශාල බදු මුදලක් ගෙවන්න වෙනවා දැන් අඩුවෙන් නම් බද්ද ගෙවන්නේ,” මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.

Post Views: 21
Previous Post

පෙර පාසලක ආහාර විස වෙලා – 200 දෙනෙකු රෝහලට

Next Post

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

Editor TTV News

Editor TTV News

Next Post
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි - නලින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved