මාතර සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා තරුණයන් පිරිසක් රැගෙන ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම වෑන් රථයේ ගමන් ගත් තරුණයක් 08 දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදී ඊයේ (10) අලුයම 5:00ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා
අනතුරින් තුවාල ලැබූ පිරිස වතු කම්කරුවන් විසින් එක්ව රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබුණා.
ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බව පොලීසිය කියයි.