ලුණු ආනයනය කළ නැව් සමාගමක ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් ඩොලර් මිලියන 2ක් පමණ වටිනා ලුණු බහාලුම් 260ක් නිෂ්කාශනය කරගැනීම ගැටලුවක්ව ඇති බව ලංකා භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ගේ සංගමය පවසනවා.
මේ හේතුවෙන් ඉදිරියේ දී වරායේ බහාලුම් තදබදයක් යළි නිර්මාණය වීමේ අවධානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දැනට 260 ට වඩා ලුනු තොග අංගන වල තියෙනවා. ආනයනය කරාට තවම නිශ්කාශනය කරලා නැහැ.
ඒ සංචිත වලට වටිනාකම ඩොලර් මිලියන 2 ක් පමණ වනවා. ප්‍රමාද ගාස්තු ගෙවන්නත් සිද්ද වෙලා තියෙනවා. ආනයනයකරුවන් විසින් මේ ප්‍රමාද ගාස්තු ඩොලර් ලක්ෂ 400 ගාණක් නැව් සමාගම් වලට ගෙවීමට සිදු වෙලා තියෙනවා.
මේ ලුනු ගන්න බැරි උනොත් පරිභෝජනයට ගන්න පවා බැරි වෙනවා. ලුණු නුසුදුසුයි කියලා ඉවත් කරන්න වෙනවා. එහෙම උනොත් ඩොලර් මිලියන 2ක් විතර අපතෙ යෑමක් සිද්ද වෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මෙය ට මූලිකත්වය දිලා ඉතා ඉක්මනින් නිශ්කාශනය කර දෙන ලෙස බැගැපත් වෙනවා.