දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙන බවට වාර්තා වුණා
නිකවැරටිය සහ අඹන්පොලට මායිම් වූ වනාන්තරවලවල වෙසෙන එකම ඇතා ලෙස සැළකෙන ‘භාතිය’ නමින් හැඳින්වෙන ඇතා බරපතළ ලෙස රෝගාතුර වීම හේතුවෙන් දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියා.
වම් පාදයේ ආබාධයකින් පෙළෙන ඇතා පොල්පිතිගම වැව් රක්ෂිතයට ගොස් මඩ සහිත ජලයේ වැතිර සිටියදීම ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් සුවය ලබමින් සිටියා.
කෙසේවෙතත් ඇතාට ප්‍රතිකාර ලබා දීමට සහ ජීවිතය බේරා ගැනීමට බොහෝ වෙහෙසක් දැරීමට සිදු වුණා.
භාතිය ඔබට නිර්වාණයේ සුවය ලැබේවා !!!