පොලිස් සේවා වනිතා ඒකකයේ ප්‍රධානත්වයෙන් රූ සිරි නමින් රූපලාවන්‍යාගාරයක් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් (15) දින විවෘත කෙරිණි.
මෙහි සේවය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ පවුල්වල විෂයෙහි ප්‍රවීණ සාමාජිකයින්ට අවස්ථාව හිමිකර දීම මෙහි විශේෂත්වයකි.
පොලිස් නිලධාරින් පමණක් මෙතෙක් කාලයක් සහනදායී මුදලකට මෙහි දී සේවාවන් ලබා ගැනිම සදහා අවස්ථාව උදාකර දි තිබූ අතර මින් ඉදිරියට පොලිස් නිලධාරියන්ට පොලිස් පවුල්වල සාමාජිකයන්ට හා ඒ වෙත පැමිණෙන බාහිර පාර්ශ්වයන් වෙත ද සහනදායි මුදලකට සියලුම රූපලාවන්‍ය කටයුතු සිදුකරගත හැකි පරිදි මෙය දෙනිකව විවෘතව පවතියි.