නිදන්ගත රුධිර නාලිකා ආශ්‍රිත රෝගී තත්ත්වයකින් ඩොනල්ඩ් ට්‍රම්ප් පීඩාවිඳින බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර සිටිනවා.
එහි මාධ්‍ය ප්‍රකාශිකා අනාවරණය කරන්නේ බොහෝ පිරිස් ප්‍රශ්න කරමින් සිටි පසුබිමකයි.
මැත කාලයේ කකුල් ඉදිමීමෙන් පසු, පුළුල් පරීක්ෂණයකට භාජනයවීමෙන් පසු මෙම තත්වය පිලිබද දැනගත් බව ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.
දිගින් දිගටම අතට අත දීම සහ ඇස්ප්‍රීන් භාවිතය නිසා මෙම රෝගය වැලදී ඇති බවයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් මාධ්‍ය ප්‍රකාශිකා කැරොලීන් ලෙවිට් ප්‍රකාශ කර සිටියේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් 79 හැවිරිදි වියේ පසුවන අතර මෙය සුලබ රෝගයක් බවයි ඔවුන් පවසා සිටින්නේ