• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය බලශක්ති ඉතිහාසයේ විශිෂ්ටතම නෛතික ජයග්‍රහණයක්

21 July 2025
in දේශීය, පුවත්, විශේෂාංග
දේශීය බලශක්ති ඉතිහාසයේ විශිෂ්ටතම නෛතික ජයග්‍රහණයක්
0
SHARES
294
VIEWS
Share on FacebookShare on Twitter

අභියාචනාධිකරණ තීන්දුවෙන් සදර්න් නෙක්සස් හම්බන්තොට මෙගාවොට් 150 සූර්ය බලශක්ති ව්‍යාපෘතියට මග විවර  වී තිබේ.
ශ්‍රී ලංකා බලශක්ති ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින්, සදර්න් නෙක්සස් හම්බන්තොට මෙගාවොට් 150 සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව මෙරට බලශක්ති කේෂේත්‍රයේ තීරණාත්මක කඩඉමක් සටහන් කළේය.

එම තීන්දුව ප්‍රකාරව මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැගීම සදහා අවශ්‍ය අවකාශය ලැබී තිබේ.

සමස්ත බලශක්ති කේෂ්ත්‍රයේම ජයග්‍රහණයක් බවට මෙය පත්වන්නේ අභියෝගාත්මක අවස්ථා සදහා අධිකරණය මගින් ලබා දුන් අවකාශය හේතුවෙනි.

2021 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, කුඩා සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයකින් යුක්ත විය. මෙගා වොට් 10 තරමේ කුඩා ප්‍රමාණයන්ගෙන් සමන්විත වූ දේශීය ව්‍යාපාරිකයන්එගේ එකමුතුවක් බවට පත්විය. ව්‍යවසායකත්ව හැකියාව හේතුවෙන් එහි නායකත්වයට බන්දුල විතානාරච්චි මහතා සහ චරණ කුමාරණතුංග මහතාගේ මෙම පිරිස විසින් පත් කර ගන්නා ලදී.. එම මැදිහත්වීම සමග මෙම ව්‍යාපෘතිය ජාතියේ බලශක්ති අවශ්‍යතාවය ඉටු කරන මහා පරිමාණ ව්‍යාපෘතියක් බවට පත්විය.
ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150කි. 2030 වසර වන විට ශ්‍රී ලංකාව ජනනය කරනු ලබන විදුලියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමේ ඉලක්කය සදහා මෙම ව්‍යාපෘතිය ඉමහත් පිටුබලයක් බවට පත්වන්නේය.

අභියෝග මැදින් ජයග්‍රහණය කරා

මුල සිටම මෙම ව්‍යාපෘතියට මුහුණ දෙනු ලැබුවේ අභියෝග මාලාවකටය. කොවිඩ්-19 වසංගතය, ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම, විදේශ ණය ගෙවීම් අත්හිටුවීම, සහ ලංවිම විසින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ට ගෙවිය යුතු මුදල් නොගෙවීම වැනි ගැටලු මත පදනම්ව ව්‍යාපෘතිය කෙරෙහි බරපතළ බලපෑම් එල්ල විය. ආණ්ඩු තුනක මාරුව ඔස්සේ ආයතන ගණනාවක පරිපාලකයන්ගේ මාරුවීම වැනි කාරණා හේතුවෙන්, පාරිසරික සහ නෛතික අංශ සමග අඛණ්ඩව කටයුතු සිදුකරගෙන යෑමට නොහැකිවීම ද මෙහිදී බරපතල අභියෝගයක් විය.

නව පරපුරේ ව්‍යාපාරික ආකෘතියක්

කිලෝ වොල්ට් 220 පරිවහන පහසුකමක් මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍යව තිබුණි. ඒ සදහා ලංවිමට සිය තනි බලය යෙදවිය නොහැකි හෙයින් Feed-in Tariff (FIT) හෙවත් සම්ප්‍රේෂන ගාස්තු ක්‍රමවේදයට ව්‍යාපෘති දියත් කිරමින්, Southern Nexus Hambantota 150MW Solar Consortium ලෙස නව ආකෘතියක් බිහි කරන ලදී. එමඟින් ව්‍යාපෘතියේ පරිවහන පද්ධතිය ලංවීමට හෝ රජයට මුදල් වියදමක් නොවී, ඉදිකිරීමට හැකියාව ලැබුණි.
මෙම ව්‍යාපෘතිය 2024 මාර්තු 13 වැනිදා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සමඟ අත්සන් කළ විදුලි මිලදී ගැනීම් ගිවිසුමක් මත, දිගු කාලීන ජනන සැලැස්වීමකට එක් කරමින් නිල අනුමැතිය ලබා ගත්තේය.

නෛතික අභියෝගය සහ ජයග්‍රහණය

ආයෝජනය සදහා ලබාදුන් ඉඩම එක්වරම අත්හිටුවීම සදහා තීරණය කිරීම හේතුවෙන්, Southern Nexus Consortium සමාගම අභියාචනාධිකරණය වෙත යාමට තීරණය කළේය. නීති උපදේශිකා දුලංගා කුමාරණතුංග, සහ නීතිඥයන් වන ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, රුවන්ත කූරේ සහ චන්දිකා සිල්වා යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත විය.
මෙම කණ්ඩායමට සහාය දුන් නීතිඥවරුන් වූයේ: ජෝෂුවා මොරායෙස්, ශෙහානි අල්විස්, සමුදිත කුමාරසිංහ, දුවිණි ගොඩගම, සජන ද සොයිසා, ගීත් කරුණාරත්න සහ රුක්ෂාන් මෙන්ඩිස්ය. උපදේශක දායකත්වය ලබාදෙන ලද්දේ පුබුදු කළහේවත්ත විසිනි.

වැනි දැවැන්ත නීතිඥ කණ්ඩායමක් මෙම කටයුත්තේ සදහා දායකත්වය ලබා දුන්හ.
අභියාචනාධිකරණය විසින් සාධාරණ හා ක්‍රියාත්මක ව්‍යාපෘතියකට නීතිමය ආරක්ෂාවක් ලබා දීමත්, රජයේ බලධාරීන් හා Consortium එක අතර යහපත් නඩුකරය අවසානයේ අභියාචනාධිකරණය තීන්දු කරන ලද්දේ මුල් ගිවිසුම් ආකාරයට මෙම ව්‍යාපෘතිය සිදු කරගෙන යන ලෙසය.

ජාතියට ලැබෙන ප්‍රතිලාභ

මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රධාන වාසි කිහිපයක් පහත පරිදිය:
• වාර්ෂිකව මෙගා වොට් පැය 235,000 පුනර්ජනනීය විදුලි බලයක් ජනනය වීම
• වාර්ෂික ටොන් 180,000 කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩුවීම
• විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාව මගින් ජනතාවට සහ ව්‍යාපාර සදහා වාසි අත්වීම

2026 වසර අවසන් වන විට, මෙම ව්‍යාපෘතිය, ජාතික විදුලි ජාලයට සම්බන්ධ වීම අපේක්ෂා කරන හෙයින් තව වසරක් ඇතුලත මේ ප්‍රතිලාභ මව්බිමට ලැබෙනු ඇත. පුනර්ජනනිය බලශක්තියෙන් බල ගැන්වූ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මේ ආකාරයේ සුර්යය බල ශක්ති යෝධ ව්‍යාපෘති දියත් කිරීම අත්‍යවශ්‍ය පසුබිමක, බාධක බිද දමා එම බලශක්ති ජයග්‍රහණය රටට අත්පත් කරදුන් මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ සමස්ත පුනර්ජනනිය බලශක්ති කේෂ්ත්‍රයටම ආදර්ශයක් වන්නේය.

Post Views: 297
Previous Post

ප්‍රසිද්ධ TikTok තරුව ජීවිතය හැර යයි

Next Post

කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

Editor TTV News

Editor TTV News

Next Post
කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

22 July 2025
මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

22 July 2025

Recent News

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

22 July 2025
මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

22 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved