කිරිබත්ගොඩ පොලිස් වසමේ, අලුත් පාර ප්‍රදේශයේදී T-56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලද තවත් සැකකරුවෙක් සෙට්ටිකුලම පොලිස් වසමේ, නෙරියකුලම් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 22 ක් වන, නෙරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුගේ නිවසේ සහ ගෙවත්තේ සඟවා තිබූ විවිධ වර්ගවලට අයත් අත් බෝම්බ 86 ක්, T-56 ජීව පතොරම් 321 ක්, පැති අවි පතොරම් 03 ක් සහ මත් කරල් 5600 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.