• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

25 July 2025
in දේශීය, පුවත්, විශේෂාංග
සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

වසර 05 කට අධික කාලයක් පුරා අත්හිටුවා තිබු වාහන ආනයන සීමාවන් ලිහිල් කරමින් ඉකුත් පෙබරවාරි මාසයේදී නැවත මෙරටට වාහන ආනයනය කිරීමට අවසර දීමට රජය තීරණය කිරීමත් සමග අලුත් වාහනයක් මිලදී ගැනීමට සිටි බොහෝ දෙනෙකුගේ වාහන මිලදී ගැනීමේ සිහිනය සැබෑ වුවත් මේ වන විට ආනයනික නව වාහන ඉතා අධික මිල ගණන්වලට අලෙවි වෙමින් පවතියි.

මේ හේතුවෙන් මෙරට තුළ පාවිච්චි කරන වාහන මිලදී ගැනීම සදහා ද විශාල ඉල්ලුමක් නැවත නිර්මාණය වී තිබේ.

‘මම අලුත් වාහනයක් ගන්න, තිබ්බ වාහනේ විකුණුවා’ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නිලන්ත ප්‍රදීප් පැවසුවේ තමන් සතුව තිබු වාහනය විකුණා නව වාහනයක් මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිය ද එය අද වන විට යථාර්ථයක් නොවන අයුරු පෙනෙන්නට ඇති බව යි.

“මම 2018 අවුරුද්දේ දී Wagon R Stingray 2018 Car කාර් එක ගත්තා. මේ අවුරුද්දේ රජය ආපහු වාහන ගෙන්වනවා කියලා වාහන ගෙන්වන අය මාධ්‍ය හමුවක් තියලා කිව්වා ලංකාවට ගේන වාහනවල මිල ගණන් ගැන. එතැනදී එයාලා කිව්වේ අලුත් වැගන් R වාහනයක් ලක්ෂ 65කට දෙන්න පුළුවන් කියලා. එතනදී එයාලා වාහන ගණනාවක් ගැන මිල කිව්වා. මම වාහනය විකුණන්න නෙමෙයි හිටියේ.”

”ඒ මිල ගණන් එක්ක මම හිතුවා මගේ වාහනේ අවුරුදු 07ක් පාවිච්චි කරලා තිබ්බ නිසා අලුත් වාහනයක් ගන්න තිබ්බනම් හොදයි කියලා. ඒ නිසා මම මගේ වාහනේ විකුණුවා. ලක්ෂ 64කට තමයි මගේ වාහනේ විකුණුවේ. ඒත්, වාහන ලංකාවට ගේන්න පටන් ගත්ත ම වුණේ රජයේ බදු එහෙම එකතු කරලා කියන ගාන බැලුව ම මට අලුත් වාහනයක් ගන්න ලේසි නැහැ කියලා පෙනුණා.”

”මගෙන් ගත්ත වාහනේ දැන් මාර්කට් එකේ විකුණන්නේ ලක්ෂ 75 -76 වගේ ගානකට. ඇත්තම කිව්වොත් වාහන ගේන්න පටන් ගත්තට පස්සේ පරණ වාහන ගාන ලක්ෂ 10 කට වඩා වැඩි වෙලා.”

‘ඒ එක්කම මම වාහනයක් ගන්න හෙව්වා පහුගිය කාලය පුරා ම. එතකොට දැක්ක දෙයක් තමයි 1500cc එංජින් ධාරිතාවයේ වාහනයක් ලංකාවේ දැන් විකුණන්නේ රුපියල් කෝටියකට වඩා වැඩි මිලකට. මීට අවුරුදු 09 කට කලින් ටොයෝටා ඇක්සියෝ වාහනයක් දැන් කිලෝමීටර් ලක්ෂයක් වගේ දුවපු වාහනයක්; අද වෙද්දී රුපියල් මිලියන 11-12ත් අතර වෙනවා.හැබැයි මේ වාහන මිලදී අරන් තියෙන්නේ රුපියල් ලක්ෂ 40-45ත් වගේ ගානකට. ඒත් අද වෙද්දී ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක මිල අලුත් වාහන ගේන්න කලින් තිබ්බට වඩා වැඩියි.” ඔහු පැවසීය.

‘රජය මේක නියාමනය කරන්න ඕන’

මේ අතර වාහන අලෙවි කිරීමේ ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වන කේ.එම්.එස්. බණ්ඩාර පැවසුවේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් නියාමනය කිරීමට රජය මැදිහත් විය යුතු බව යි.

“ලියාපදිංචි නොකරපු වාහන එක දිගට එන්න පටන් ගත්තා. ඒවා ලොකු ලාභ තියාගෙන මිනිස්සු විකුණනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දී ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන තියාගෙන ඉන්න අය බලනවා ඇයි අපි විතරක් අඩුවෙන් විකුණන්නේ කියලා. ඒ නිසා එයාලත් තමන්ගේ වාහනවල මිල වැඩි කරලා තියෙනවා.”

”ඇත්තට ම රජය මේ ගැන කිසිම අයුරකින් නියාමනය කිරීමක් කරලා නැහැ. රජය කරන්නෙත් ලොකු වැරැද්දක්. සේල් එකකට වාහන අරන් ආව ම එයාලගේ හිතු මනාපෙට මිල වැඩිකරන්න පුළුවන්.”

”මේ නිසා මිනිස්සු අද වෙද්දී අසරණ වෙලා තියෙන්නේ. අපිත් වාහන සේල් කරන්නේ, හැබැයි මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න ඕන.”

”පහුගිය මාස කිහිපය පුරාවට හැම වාහනයක ම මිල රුපියල් ලක්ෂ 10 කට වඩා වැඩි වෙලා කියලා මාර්කට් එක දිහා බැලුවම පේනවා. මේක නතර කරන්න කරන්න පුළුවන්. වාහන සේල් කරන අයට අනවශ්‍ය විදිහට ලාභ ගන්න ඉඩක් දෙන්න අවශ්‍ය නැහැ.” ඔහු පැවසීය.

මේ අතර වාහන විකිණීමේ කේෂ්ත්‍රයට සම්බන්ධ තවත් ව්‍යාපාරිකයෙකු වන සුනිල් ජයන්ත පවසන්නේ අද වන විට භාවිත කළ වාහන සඳහා ඇත්තේ මවාපාමින් පෙන්වන අනිසි මිලක් බවය.

“2007 අවුරුද්දේ රෙජිස්ටර් කරපු ටොයෝටා ඇක්සියෝ වර්ගයේ වාහනයක් අද විකුණන්න කතා කළා. වාහනේ අයිතිකෙනා මගෙන් ඉල්ලුවා රුපියල් ලක්ෂ 70ක්. 2017 අවුරුද්දේ රෙජිස්ටර් කරපු ඇක්සියෝ හයිබ්‍රිඩ් වාහනයක් අද ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 100කට අඩුවෙන්. මේකෙන්ම පේනවා නේද පාවිච්චි කරන වාහන වලට හදලා තියෙන්නේ මවාපු මිලක්. ආණ්ඩුව අවුරුදු 07ක් හරි 08ක් හරි පරණ වාහන ගේන්න ඉඩ දෙනවනම් මෙහෙම තත්ත්වයක් ඇතිවෙන්නේ නැහැ. එහෙම වුනානම් මීට වඩා අඩු ගානකට වාහනයක් ගන්න පුළුවන්.” ඔහු පැවසුවේය.

‘අවුරුදු ගණනක් පරණ වාහනයක මිල අද ගොඩක් වැඩියි’

පළමු වරට වාහනයක් මිලදී ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් පසුවන පෞද්ගලික අංශයේ සේවකයෙකු වන අසංක ජයලත් පැවසුවේ අද වන විට අලෙවි කිරීමට නියමිතව තිබෙන, පාවිච්චි කළ වාහනයක මිල අධික වීමත් එම වාහනවල නිෂ්පාදිත කාලය වැඩි නිසා තමන්ට වාහනයක් ගැනීමට දෙවරක් සිතීමට සිදුවී ඇති බව යි.

“වාහනයක මිල වැඩියි. වාහනවල වටිනාකමකට වඩා මිල වැඩියි. අද වෙද්දී අවුරුදු 30ක් පරණ වාහනයක් ලක්ෂ 36ක් වෙනවා. ඉන්දියාවේ ඇල්ටෝ වගේ වාහනයක මිලත් අද වෙද්දී ගොඩක් වැඩියි. එතකොට ඉස්සර BMW වගේ වාහනයක් තිබ්බ ගානට අද පරණ වාහනවල මිල ඇවිල්ලා තියෙනවා”

”වාහන අලුතෙන් ආව ම පරණ වාහනවල මිල අඩුවෙලා ආපහු වැඩි වුණා. කවුරු හරි මාර්කට් එක හැන්ඩ්ල් කරනවා වගේ දෙයක් පේන්නේ. වාහනයේ වටිනාකමයි වෙළෙඳපොලේ තියෙන වටිනාකමයි එක්ක බලද්දී වාහනයක් ගන්නවද නැද්ද කියලා හිතන්න වෙලා තියෙනවා.” ඔහු කියා සිටියේය.

‘රජයේ තීරණය නිසා මෙහෙම වුණේ’

වාහන ආනයනය කිරීමත් සමග රටේ තිබෙන භාවිත කළ වාහනවල මිල එක ම මට්ටමකට ගෙන ඒම සඳහා බදු වැඩි කිරීමට රජය ගනු ලැබූ තීරණය හේතුවෙන් වාහන මිල ඉහළ ගිය බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පවසනවා.

“පාවිච්චි කරපු වාහන වල මිල තීරණය කරන්නේ වාහනේ අයිතිකරුවා. අපි වාහන ආනයනය කරන එක කරන්නේ. සමහර වෙලාවට එක ම වාහනයක එවායේ තියෙන කන්ඩිෂන් එකත් නිසා ඒවා විවිධ මිල ගණන් යටතේ විකුණන්න තියෙනවා.”

”අලුත් වාහන ගෙන්වීමත් එක්ක පරණ වාහනවල මිලේ යම් අඩුවීමක් තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයක. නමුත් අලුත් වාහනවල මිල ගණන් එක්ක පරණ වාහනවල මිලත් ගණන් සංසදනය කරන්න රජය බදු වැඩි කළා සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්නේ නැතුව. මේ නිසා ආනයන වාහනවල මිල වැඩි වුණා” ඔහු පැවසුවේය.

උපුටා ගැනීම – බී.බී.සී සිංහල

Post Views: 21
Previous Post

රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

Next Post

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

Editor TTV News

Editor TTV News

Next Post
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

19 August 2025
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025

Recent News

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

19 August 2025
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved