පාතාලයේ සිටින පුද්ගලයන් අතර ගැටුම් ඇතිවී තිබෙන බව සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසා සිටින්නේ කිසිදු අකාරයකින් මෙය රටේ ආරක්ෂාවට බලනොපාන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
පාතාලය පාතාලය අතර මේ වෙන කොට ගැටුම් ඇති වී තිබෙනවා. දේශපාලනඥයින්ගේ හෝ වෙනත් බලධාරින්ගේ කිසිදු හව්හරනක් ලැබෙන්නේ නෑ. මේ හේතුවෙන් ඒ අය අතර ගැටුමක් ඇතිවෙලා තියෙනවා. මේමගින් රටේ ආරක්ෂාවට කිසිදු ආකාරයට ගැටලුවක් හෝ තර්ජනයක් මතු වන්නේ නැහැ. ඔවුන් ඔවුන් අතරයි මේ ගැටුම් සිද්ද වන්නේ. මේ වෙනවිටත් සැලකිය යුතු කොටසක් ආරක්ෂක ආංශ විසින් මර්ධනය කරල තියෙනවා.