බදු පැහැර හරීමක් සම්බන්ධයෙන් අවුරා ලංකා සමාගමේ සභාපති වන විරංජිත් තාඹුගල සහ නිරුපණ ශිල්පී පියුමි හංසමාලි යන අයට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත මෙය දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව, ඔවුන් විසින් ගෙවිමට ඇති රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලී අය කරගැනීම සදහා මහාධිකරණයේ නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2022, 2023 වර්ෂ සඳහා, අවුරා ලංකා සමාගමේ සභාපතිවරයා මිලියන 194ක බදු මුදලක් ද, පියුමි හංසමාලි රුපියල් මිලියන 225 ක බදු මුදලක්ද ගෙවීම පැහැර හැර ඇති බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී තිබෙන්නේ