දුම්රිය දෙපාර්තමේන්තුවේ තීරණයක් පරිදි කොළඹ කොටුවේ සිට බදුල්ලා දක්වා Ella Weekend Express නමින් නව සුඛෝපභෝගී දුම්රියක් යොදවා තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ අගෝස්තු 16 වැනිදා සිට එම දුම්රිය ධාවනය ආරම්භ වන බවයි.
සංචාරකයන්‌ේග ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම නව දුම්රිය හදුන්වා දී තිබෙනවා.
ආසන 350කින් සමන්විත මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අලුයම 5.30 ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිත අතර, ඉරිදා රාත්‍රී 9.00 ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ.