මහජන බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
මහජන බැංකුවේ රැකියා අවස්ථා හෝ වෙනත් වරප්‍රසාද ලබා දෙන බව පවසා මහජනයා නොමඟ යවමින් සිදුකරන මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන්.
මහජන බැංකුවේ ලාංඡන, වර්ණ සහ සලකුණු යනාදිය ව්‍යාජ ලෙස යොදා ගනිමින් මෙම වංචාව සිදුකරන බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව මහජන බැංකුව රැකියා පුරප්පාඩු වැනි නිල කාර්යයන් පිළිබඳව පිටස්තර පාර්ශ්වයන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ නොකරන බවයි ඔවුන් නිකුත් කල නිවේදනයේ සඳහන් වන්නේ.
එබැවින් මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසත්, සැමවිටම විමසිලිමත්ව සිටින ලෙසත් මහජන බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.