හම්බේගමුව පොලිස් වසමට අයත්, දහයියාගල රක්ෂිතයේ, කරමැටිය වැව් බැම්ම අසල ඇති වගුරු බිමක, මියගොස් සිටි වනඅලියකු පෙරේදා දිනයේ ( 02 ) සොයාගත් බව හම්බෙිගමුව පොලිසිය පවසනවා.
මියගොස් ඇති වනඅලියා වයස අවුරැදු 35ක පමන පිරිමි සතෙකු බවත්, එම අලියාගේ උස අඩි 09ක් පමන වනබවයි පොලිසිය පවසා සිටියේ.
වනඅලියා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි වාර්තා වුණේ.
කල්තොට වනජිවි අඩවි කාර්යාලය හා හම්බේගමුව පොලිසිය මෙි සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන කටයුතු සිදුකරයි.