දෙළුම් පොත්ත කියන්නේ ගෑස්ට්‍රයිටිස්වලට තියෙන පාරම්පරික ඖෂධයක්. දෙළුම් පොත්තේ ප්‍රතිදාහක හෙවත් Anti Inflammatory properties අඩංගුයි. ඒකයි ගෑස්ට්‍රයිටිස් ,මළබද්ධය ,අර්ෂස් වැනි රෝග සදහා දෙළුම් පොත්ත පාරම්පරිකව ගන්නෙ.
මේ පොත්ත ගන්නකොට විදේශීය දෙළුම් ගන්න එපා කියලා කියන හේතුව තමයි විදේශීය දෙළුම් මෙරටට ගේන්න කලින් Anti- fungal solution එකක dip කරලා එවන්නේ. ඒ කියන්නේ දිලීර නාශක වස එකක ඔබලා එවන්නේ. එහෙම නැතුව මාස ගණන් තියාගන්න අමාරුයි දෙළුම්වල පොත්ත. සාමාන්‍යයෙන් ලංකාවේ වාණිජ වගාවක වුණත් දෙළුම් කඩල ඊට පස්සේ දිලීර නාශකවල ඩිප් කරන්නේ නැහැ. සති දෙකෙන් දෙකට දිලීර නාශක ගහන නිසා අස්වනු නෙලා ගැනීමට සති දෙකකට කලින් තමයි දිලීර නාශක වදින්නේ . ඒ නිසා ලංකාවේ වාණිජ වගාවක දෙළුම් ගෙඩියක් වුණත් ආනයනික දෙළුම් ගෙඩියකට වඩා සෞඛ්‍යාරක්ෂිතයි. මේ වැඩේට ඉතාමත්ම හොඳයි ඔබගේ ගෙවත්තේ වැවෙන දෙළුම් ගෙඩියක පොත්ත. මොකද ඒවට කොහොමවත්ම දිලීර නාශක ගහන්නේ නැහැනෙ.
දෙළුම් පොතු කියලා කියන්නේ ලෝකයේ තියෙන වටිනාම ඖෂධයක්. ශරීර අභ්‍යන්තරයේ රෝග වලට පමණක්නෙවෙයි සමේ ඇතිවන විවිධ ආසාදන සමනය කිරීමට මෙන්ම ඒකෙ තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම වයසට යෑම රැළි වැටීම අඩු කරන්න දෙළුම් පොත්තට පුලුවන්.
අපේ ආයතනයේ දෙළුම් පොත්තෙන් තේ නිෂ්පාදනයක් හදලා තියෙනවා. ඒ නිෂ්පාදනය පාවිච්චි කරලා ගෑස්ට්‍රයිටිස් සමනය කරගත්ත අය ඉන්නවා.
උපුටා ගැනීම – face book