පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමුහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය තුළ 2023-05-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි මෙලෙස අනුමැතිය ලබා දී තිබෙන්නේ.
ජනාධිපතිතුමා විසින් 2025 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වූ රුපියල් 1,000,000/- ක රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000/- දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව, 2025-10-09 දිනෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000/- ක් දක්වා සීමා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සමූහ රක්ෂණාවරණයක් සලසා දීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.