ඊයේ (11) පස්වරුවේ පොළොන්නරුවෙන් ඇසුනේ ඛේදාන්ත පුවතක්
වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් පොළොන්නරුව ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට ගොස් තිබුණේ ඔවුන් හා එක්ව විනෝද වෙමින් කාලය ගත කිරීමට.
කෙසේ හෝ විනෝදවන්නට ගිය නඩයෙන් පියෙකු සහ පුතෙකු ට පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ දීම ජීවිතයට සමුදෙන්න සිදු වුණා.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ඔරුව පදිමින් ගිය අවස්තාවක දී එම ඔරුව පෙරළීයාමෙන් මෙම අනතුර සිදු වුණා.
එම අවස්ථාවේ ඔරුව තුළ පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබුණා.
අනතුරින් මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු සහ 38 හැවිරිදි පුත්‍රයෙකුයි.