මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
වෙඩිතැබීමෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දීයි මෙලෙස වෙඩි වැදීමකට ලක්ව තිබුණේ.
මියගොස් ඇත්තේ 46 හැවිරිදි අයෙක් වන අතර, ඔහු හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව යන අයයි