• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලින්ගේ මංගල ලක්ෂණ සහ කුල

18 August 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
අලින්ගේ මංගල ලක්ෂණ සහ කුල
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ඔයාලා දන්නවා ඇති ලංකාවේ අලි ගාල් කිරීම ජයටම සිද්දවෙච්ච කාලයක් තිබුණා.

ඔය පනාමුරේ අන්තිම අලි ගාල නැති උනාට පස්සේ අලි ගාල් කිරීම නැතිවෙලා ගියා.

ඉස්සර ඔහොම ගාල් කරලා අලි අල්ලනකොට අලි අල්ලන අය අලින්ගේ තියෙන විශේෂ ලක්ෂණ බලලා හොඳ ලක්ෂණ තියෙන අලි ඇත්තු තමයි අල්ලගන්නේ.

එහෙම අල්ලගන්න අලි ඇත්තු මිලදීගන්න අය වාසනාවන්ත දියුණුවෙන් දියුණුවට පත්වෙන අය බවට පත්වෙනවා. ඒත් සමහර ලක්ෂණ තියෙන අලි ඇත්තු මිලදීගත්ත අය නැත්තටම නැතිවෙලා යනවා.

අලි අත්තුන්ගේ කුල බෙදීම ඇති උනේ මෙන්න මේ දේ නිසා. අලි ඇතුන්ගේ තියෙන මංගල ලක්ෂණ වගේම අභව්‍ය ලක්ෂණ මේ වැඩේට යොදාගන්නවා.

අලියෙක් ඇතෙක් දැක්ක ගමන් අපිට ඌ ගැන ප්‍රිය මනාප හැගීමක් ඇතිවෙන්නේ හරි, ඒ ඇතාගේ හෝ අලියාගේ තේජස් ස්වරූපයක් පෙන්නුම් කරන්නේ මේ ලක්ෂණ නිසා.

සමහර අලි ඇත්තු දැක්කම ඒ වගේ හැගීමක් ඇති නොවෙන්නේ ඒ අලියට හෝ ඇතාට ඒ මංගල ලක්ෂණ නැති නිසා.

මෙන්න මෙහෙමයි අලි ඇත්තු කුල වලට බෙදන්නේ. තියෙනවා ඔක්කොම අලි කුල 10ක්.

මේ අය මේ කුල වලට බෙදලා වෙන් කරලා තියෙන්නේ මෙයාලට තියෙන වෙනස් ලක්ෂණ නිසා. තැපෑලෙන් පීනන්න උගන්නනවා වගේ ඒ ලක්ෂණ ටිකත් දාන්නම්.

හැබැයි මෙහෙම කියවලා ඒ ගැන අවබෝධයක් ලබාගන්න අමාරුයි කියලා මට හිතෙනවා. මොකද අලි ඇත්තුන්ගේ පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන් කමක් නැති අයට ඔක්කොම අලි ඇත්තු එක වගේ පේන්නත් ඉඩ තියෙන නිසා.

කොහොම උනත් මේවා තමයි ඒ ලක්ෂණ වෙන්නේ.

අලි ඇත්තුන්ගේ ෆොටෝ ටිකක් අරගෙන මේවා එක්ක සසඳලා බලන්න මේ ලක්ෂණ අනුව අලි ඇත්තු වෙන් කරන්න පුළුවන් ද කියලා .

01. කලාවක

මෙයාලගේ ඇස් ඉතාම අඳුරු පැහැතියි . ඒ වගේම පාද කොටයි . සම තද කළු පාටයි . වලිගය වක් වෙලා පිහිටනවා . ඒ වගේම කකුලේ නිය පොතුත් හොඳට වක් වෙලා පිහිටනවා

02. ගංගෙයිය

විශාල හිසක් තියෙනවා මෙයාලට . ඒ වගේම මෙයාලගේ කකුල් හොඩවැල වලිගය තරමක් දිගයි . නියපොතු විශාලයි . ඒ වගේම කකුල් වල යටිපතුල් පළල වැඩි ස්වභාවයක් ගන්නවා .

03. පන්දර

දිගටි විශාල හිසක් පිහිටනවා මෙයාලට . හොඩය පටන්ගන්න හරිය තරමක් පළලින් වැඩියි . නියපොතු තද කහ පාටක් ගන්නවා . ඒ වගේම මෙයාලගේ සම අළු පාටට හුරු කළු පාටක් වෙනවා .

04. තම්බ

මෙයාලගේ ඔලුව වැඩිය ලොකු නෑ . ඒ වගේම හොඩය කොටයි පටුයි . කකුල් සිහින් වෙනවා . කන්දෙක ලොකුවට පිහිටනවා . ඒ වගේම ශරීරය තඹ පාටට හුරු කළු පාටක් ගන්නවා මෙයාලගේ .

05. පිංගල

ලොකු හිසක් තියෙනවා මෙයාලට . හොඩය පටන්ගන්න තැන ගොඩක් විශාලයි . දිගත් නැති කොටත් නැති කකුල් තියෙනවා . ඒ වගේම දිගටි ඇස් දෙකක් මෙයාලට හිමි වෙනවා .

06. ගන්ධ

හිස , හොඩය . කකුල් කුඩාවට පිහිටනවා මෙයාලගේ .ඇඟ තද කළු පාටයි වගේම හම තරමක් වැඩිපුර ගොරෝසු වෙනවා .වලිගය නැමිලා නැත්නම් දඟර ගැහිලා තියෙන්න පුළුවන් . ඒ වගේම ඇඟේ ගොඩක් රෝම පිහිටනවා මෙයාලගේ .

07. මංගල

හිස හොඩය දල දෙක පාද හතර සහ කන් දෙක විශාලව පිහිටනවා . යටිපතුල වෙන අයට වඩා පළල වෙනවා . ඒ වගේම මහතින් වැඩි ශරීරයක් සහ බිම ගෑවෙන වලිගයක් මේ අයට ලැබෙනවා .

08. හේම

තරමක් ඉදිරියට නැවුන ශක්තිමත් හිසක් තියෙනවා මෙයාලට . දිගටි ඇස් වගේම මධ්‍යම ප්‍රමාණයේ හොඩයක් තියෙනවා .ඇඟ සහ කකුල් විශාලයි වගේම මහතයි . වලිගය නැවිලා තියෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා . නියපොතු රතු පාටට හුරු වෙනවා .

09. උපෝසථ

හිස , කන්දෙක , ශරීරය මධ්‍යම ප්‍රමාණයේ පිහිටනවා . ඒවගේම දිගටි පාද හතරකන් යුක්ත වෙනවා . නියපොතු කහ පාටයි . හොඩය ලිංගය වලිගය කියන තුන බිම ස්පර්ෂ වෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා .

10. ඡද්දන්ත
ශරීරය ඉතාම මහතයි . ඒ වගේම ඇස් දිගටියි . කකුල් හතරත් දිගින් වැඩියි . ඇස් දෙක රන් වන් පාටයි . ඒවගේම ශරීරයත් දීප්තිමත් පැහැයක් ගන්නවා . හොඩය , ලිංගය වලිගය කියන තුනම බිම ස්පර්ශ වෙනවා .

මෙන්න මෙහෙමයි මේ අයගේ ලක්ෂණ පිහිටලා තියෙන්නේ . මේවට කවි ශ්ලෝක වගේ දේවල් අලි බලන අය පාඩම් කරගෙන ඉන්නවා. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕන මේ අලි කුල වලට එක එක අලි නිසා අලි හාම්පුත්තුන්ගේ ඉරණම තීරණය වෙන හැටි ගැනත් යම් කිසි පිළිගැනීමක් තියෙනවා .

ඒ මෙන්න මෙහෙම .

01. කලාවක = හාම්පුතාට අවාසනාව අරගෙන එනවා

02. ගන්ගෙයිය = හාම්පුතාට ශෝකය සහ අවාසනාව අරගෙන එනවා .

03. පන්දර = හාම්පුතා දුප්පත් කෙනෙක් වෙනවා .

04. තම්බ = හාම්පුතාට හා පවුලේ අයට හදිස්සි මරණය ගෙන එනවා .

05. පිංගල = හාම්පුතාට මරණය ධන හානි වීම ගෙන එනවා .

06. ගන්ධ = හාම්පුතාට මධ්‍යස්ථ ලැබීමක් ලැබෙනවා .

07. මංගල = හාම්පුතාගේ තේජස වැඩි වෙනවා .

08. හේම = හාම්පුතාට වාසනාව යහපත ලැබ දෙනවා .

09. උපෝසථ = හාම්පුතා දීර්ගායුෂ විඳිනවා වාසනාවන්ත වෙනවා .

10. ඡද්දන්ත = හාම්පුතාට කීර්තිය තේජස වාසනාව මහජන බලය අරගෙන එනවා .

මම වගේම අලි ඇත්තු ගැන ඇල්මක් දක්වන අය විශ්වාස කරන හැටියට මිල්ලන්ගොඩ රාජා උපෝසථ කුලයට ආසන්නයි . නැදුන්ගමුවේ රාජා සහ කතරගම වාසනා ඡද්දන්ත කුලයට ආසන්නයි.

මෙන්න මේ කරුණු ගැන සලකලා බලලා තමයි ඉස්සර අලි බලන අය සහ අලි හාම්පුත්තු අලි ඇත්තු තෝරාගත්තේ. අලි ඇත්තු ගැන විස්තර කරනකොට සක් දෙවිඳුට අයිති ඓරාවණ හස්තියා පිලිබඳ ගජගා වන්නමේ කියවෙන ලක්ෂණ සම්බන්ධව සිහිපත් කිරීමක් කරන්න ඕන.

උතුම් මංගල හස්තියෙක්ට හිමි වෙන්න ඕන ලක්ෂණ මොනවද කියලා මේ ගජගා වන්නමේ සඳහන් කරුණු අපිට අදහසක් ලබා දෙනවා.

දෙව්පුර ඇතෙකී – කුඹු දහසයකී
දිග දළ අටෙකී – සත් ගැබකී
වැව් පොකුණු ද කී – සත් සිය ගැන කී
එක පොකුණෙකී – සිවු මලෙකී
සිවු මල පෙති කී – ගැන තිස් දෙකකී
පෙත්තක නටු කී – සිවු සැටෙකී
කව් කර වැනුකී – ලෙවු ඉසි බසෙකී
ගජගා නමකී – වන්නමකී

අන්තර්ජාලයේ පලවු දර්ශණ ධර්මවර්ධන මහතා ගේ ලිපියකි ….

Post Views: 6
Previous Post

බෝට්ටු අනතුරින් 40ක් අතුරුදන්

Next Post

හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

Editor TTV News

Editor TTV News

Next Post
හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

18 August 2025
‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

18 August 2025
හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

18 August 2025

Recent News

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

18 August 2025
‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

18 August 2025
හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

හදිසි ගංවතුරෙන් පාකිස්ථානයේ 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට තවත් 200 ක් අතුරුදන්

18 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

18 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved