2025 ජූනි 30න් අවසන් වූ වසරේ දෙවන මූල්‍ය කාර්තුව තුළ දී රු. බිලියන 5.31 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබේ.
මෙම දෙවන කාර්තුවේ දී විදුලි බල මණ්ඩලය ලාභ ලබන්නේ 2025 මාර්තු 31න් අවසන් පළමු මූල්‍ය කාර්තුවේ දී රු. බිලියන 18.47ක අලාභයක් වාර්තා කර තිබූ පසුබිමක දීය.
විදුලි බල මණ්ඩලයේ අලාබය අවසන් කර යළි ලාභ ලබන මට්ටමට ගැනීමට හැකිව තිබෙන්නේ 2025 ජූනි මාසයේ දී සිදුකරන ලද විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුවය.
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසුව මැතිවරණ වලදී දුන් පොරොන්දු අනුව 2025 ජනවාරි මාසයේ දී 20%කින් පමණ විදුලි ගාස්තු පහළ දැමීමක් සිදුකරනු ලැබීය. මණ්ඩලය පාඩු ලැබීමට එය හේතු විය.
මේ තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩිව විවේචනය කළේය. ශ්‍රී ලංකාව එළඹ ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කළ යුතු බවට බලපෑම් කළේය.
ඒ අනුව 2025 ජූනි මාසයේ දී විදුලි ගාස්තු ගැළපීමක් සිදු කර අවසන් වන තෙක් මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වාරිකය ලබා දීම අත්හිටුවා තිබිණි.
කෙසේ වෙතත් 2024 දෙවන කාර්තුවේ දී මණ්ඩලය ලැබූ රු. බිලියන 34.53ක ලාභය හා සැසඳීමේ දී 2025 ජූනි කාර්තුවේ ලැබූ ලාභය 85%කින් අඩු වීමක් පෙන්නුම් කරයි.
-lanka daily