තුසිත හල්ලොලුව මහතා අද (19) අලුයම කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු නමුත් එම විමර්ශනය සම්බන්ධයෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් අධිකරණය මඟහරිමින් සිටි තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) පොලීසියට නියෝග කර තිබුණේ.