ඊයේ (19) දිනයේත් පෑලියගොඩ, වෙදමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මොට ආයුධයකින් පහර දීමෙන් මෙම ඝාතනය සිදු කර තිබෙන අතර ඝාතනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 46ක් වූ වෙදමුල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
මේ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.