ඇපල් රසිකයන් ඉතා උනන්දුවෙන් බලා සිටින්නේ iphone පෙළගැස්මේ ඊළඟ ප්‍රමුඛතම දුරකථනය වන iPhone 17 Pro Max සඳහායි.
පසුගිය වසරේ iPhone 16 මාලාව නිකුත් කිරිමෙන් පසුව iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max ඇතුළු iPhone 17, මාලාව ඉක්මණින් දියත් කිරිමට අපේක්ෂා කෙරේ.
iPhone 17 ශ්‍රේණිය දියත් කිරීමේ දිනය (අපේක්ෂිත )
ඇපල් සාමාන්‍යයෙන් සැප්තැම්බර් පළමු හෝ දෙවන සතියේ ප්‍රධාන මාධ්‍ය උත්සවයකදී එහි නව iPhone එළිදක්වයි. 9to5Mac ට අනුව, 2024, 2023 සහ 2022 දියත් කිරීම් ඇතුළුව පසුගිය වසර කිහිපය සැලකිල්ලට ගනිමින්, iPhone 17 පෙළ ගැස්ම 2025 සැප්තැම්බර් 8 වන සතියේ ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම iPhone 17 Pro Maxහි ඇති විශේෂාංග පිළිබඳව නිල වශයෙන් තවමත් සඳහන් කර නොමැත.
මේ අතර ඇපල් සමාගමේ iPhone 17 මාදිලිය ඉන්දියාව තුළ එකලස් කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ වෙනුවෙන් ඉන්දීය කර්මාන්ත ශාලා 5ක් සුදානමින් ඇති බවත්, මෙය ඉන්දියාව තුළ iPhone නිෂ්පාදනයක් ලෙස එක්ලස් කිරීමේ කටයුතු සිදුකරන පළමු අවස්ථාව ලෙසත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.