ප්‍රදේශ කිහිපයක අද දවසේ උෂ්ණත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු , උතුරු -මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.
මේ හේතුවෙන් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙස කාලගුණ නිවේදනයේ දක්වා තිබෙනවා.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිලිබඳ අවධානය යොමු කළ යුතුයි.
එළිමහනේ සිදු කරන අධික වෙහෙසකාරී කටයුතු සිමා කරන ලෙසත් සෙවණ සහිත ස්ථානවල කාලය ගත කරන ලෙසයි නිවේදනවල වැඩිදුරටත් සදහන්ව ඇත්තේ.
එමෙන්ම සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
සෞඛය අමාතයාංශයේ ආපදා පෙර සුදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය මඟින් මේ පිළිබඳ නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.
ඒ සඳහා 011-7446491 යන දුරකථන අංකය භාවිත කළ හැකියි.