• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේදී ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

22 August 2025
in දේශීය, පුවත්, ව්‍යාපාර
ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේදී  ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වී ඇති අතර බැංකුවේ බදු පසු ලාභය 37.9% කින් වර්ධනය වී රුපියල් බිලියන 21.19 ක් බවට පත්ව ඇත.

පොලී සීමාවන්ට එරෙහි පීඩනයක් තිබූ නමුත්, 2025 පළමු අර්ධය තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 45.6 ක් ලෙස ස්ථාවර මට්ටමක පැවතුණි. ණය පොත ශක්තිමත් ලෙස වර්ධනය වුවද, පොලී අනුපාත පහත වැටීම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව HNB හි පොලී ආදායම 11.3% කින් පහත වැටුණි. කෙසේ වෙතත්, ජංගම ගිණුම් හා ඉතිරි කිරීමේ තැන්පතු (CASA) පදනම ශක්තිමත් කිරීමට ගත් උපායමාර්ගික පියවර මගින් පොලී වියදම් ද 18.7% කින් අඩු වීම හේතුවෙන් මෙම බලපෑම සැලකිය යුතු ලෙස සමනය විය.

HNB ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ “2025 වසරේ පළමු අර්ධය සඳහා අප ලබා ගත් මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව ඉතා සතුටුයි. එමගින් අපගේ හැට්නා පවුලේ නොසැලෙන කැපවීම සහ අපගේ වටිනා ගනුදෙනුකාරභවතුන් අප කෙරෙහි තබා ඇති දිගු කාලීන විශ්වාසය පෙන්නුම් කරනවා.”

IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිව්වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම තුළින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කර තිබෙනවා. මෙරට මූල්‍ය පද්ධතිය සඳහා ශක්තිමත් හා වැදගත් බැංකුවක් ලෙස HNB රටේ ප්‍රගතියේ විශ්වසනීය සහකරුවෙකු බවට පත්ව සිටින අතර සැමට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික වර්ධනයකට සහාය වීමට සහ රට පුරා සිටින ජනතාවගේ ජීවිත නගා සිටු වීම සඳහා බැංකුව කැපවී සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2025 පළමු අර්ධයේදී බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 19.7% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර ඉහළ කාඩ්පත් ගනුදෙනු සහ ඩිජිටල් සේවාවල ක්‍රියාකාරකම් වැඩි වීම මෙයට මූලික වශයෙන් හේතු විය. මීට අමතරව විදේශ විනිමය ගනුදෙනුවලින් HNB රු. බිලියන 2.8 ක් උපයා ඇත. මෙය 2024 වසරේ අදාල කාල පරිච්ඡේදයේදී වාර්තා කළ රු. බිලියන 1.3 ක අලාභයට සාපේක්ෂව කැපී පෙනෙන දියුණුවක් වන අතර ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය.

ආර්ථිකයෙහි ඇතිවන උච්චාවචනයන්ට ඔරොත්තූ දෙන අවදානම් කළමනාකරණ ව්‍යුහය, විචක්ෂණශීලී ණය අභිප්‍රෙරණ සහ විස්තීරණ ණය අයකර ගැනීමේ උත්සාහයන් හේතුවෙන් පසුගිය කාර්තුව තුල වත්කම්වල ගුණාත්මක බව ශක්තිමත්ව වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස Stage 3 (අක්‍රීය) ණය අඩු කිරීමට හැකි වූ අතර පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේදී වෙන් කළ රු. බිලියන 1.5 ක හානිපූරණ ගාස්තුවට සාපේක්ෂව බැංකුව රු. බිලියන 5.1 ක හානිපූරණ ප්‍රතිවර්තනයක් වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ශුද්ධ Stage 3 අනුපාතය 2024 දෙසැම්බර් මාසයේ වාර්තා කළ 1.88% සිට 1.59% දක්වා පහත වැටුණි. මේ අතර Stage 3 ආවරණ අනුපාතය 74.88% ක් ලෙස ඉහළ මට්ටමක පැවතුනි.

“2025 පළමු මාස හය තුළ අපගේ මූල්‍ය ප්‍රතිඵල මගින් HNB හි ශක්තිය, නම්‍යශීලීභාවය හා උපායමාර්ගික අවධානය මැනවින් පෙන්නුම් කරනවා. ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු වීමත් සමඟ සැමට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික වර්ධනයක් කෙරෙහි අවධානය යොමු කරන අතරතුර බැංකුව පාරිභෝගිකයින්ට වඩා හොඳ අත්දැකීමක් ලබා දීම, බැංකු මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සහ අනාගතයේදී බැංකුව වර්ධනය වීමට වැඩි අවස්ථාවන් නිර්මාණය කිරීමෙන් අපගේ ඩිජිටල් පරිවර්තන ගමන වේගවත් කරමින් සිටිනවා.” යනුවෙන් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේය.

-sinhala.lankabusinessnews

Post Views: 7
Previous Post

සුදාගේ යු ටියුබ් නාලිකාවේ අවසානය අද ද ?

Next Post

GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක් – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

Editor TTV News

Editor TTV News

Next Post
GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක්  – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක් – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි  !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

22 August 2025
රැවටෙන්නෙපා ! මහ බැංකුවෙන් හදිසියේම නිවේදනයක්

රැවටෙන්නෙපා ! මහ බැංකුවෙන් හදිසියේම නිවේදනයක්

22 August 2025
රනිල් ඇතුළට යද්දී සුදා බේරෙයි

රනිල් ඇතුළට යද්දී සුදා බේරෙයි

22 August 2025
GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක්  – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක් – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

22 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි  !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

22 August 2025
රැවටෙන්නෙපා ! මහ බැංකුවෙන් හදිසියේම නිවේදනයක්

රැවටෙන්නෙපා ! මහ බැංකුවෙන් හදිසියේම නිවේදනයක්

22 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved