අද සමාජ මාධ්‍ය වටේ ගොඩක් කතා වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා CID අතට අත්අඩංගුවට ගත්තා කියන පුවත ගැනයි.
ඔහු ජනාධිපති වෙලා හිටිය කාලේ රජයේ මුදල් අවභාවිත කරමින් බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවය බලන්න ලන්ඩන් ගිහින් ආවා මේ ගැන විමර්ශනයක් කරන්න තමයි CID එකෙන් රනිල්ව අද කැදවලා තිබුනේ.
ඒ විතරක් නෙවෙයි, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ගෙනුත් CID එක ප්‍රකාශයක් අරන් තියෙනවා.
ඒවගේ පසුබිමක තමයි ප්‍රකාශයක් අරගන්න එන්න කියල තිබ්බ හිටපු ජනාපති රනිල්ව අත්අඩංගුවට අරන් තියෙන්නේ.
හිටපු ජනපති රනිල් අද 22 දවසේ අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්නවා කියලා සමාජ ජාල ක්‍රියාකරුවෙක් වෙන සුදා නොහොත් සුදන්ත තිලකසිරි පැවසුවා.
රහස් පොලිසිය විසින් රනිල්ව අත්අඩංගුවට ගනු ඇති බව ප්‍රකාශ කළේ ඔහු අභියෝගයක් පවා කරමින්.
ඒ තම යූටියුබ් නාලිකාවට යොමු කළ වීඩියෝ පටයක් හරහා සුදා පෙන්වා දුන්නේ අද දිනට වික්‍රමසිංහ අත්අඩංගුවට නොගත්හොත් තම යූටියුබ් නාලිකාව වසා දැමීමට සූදානම් බවයි.
කොහොම නමුත් අද රනිල් ඇතුළට යද්දී සුදා නොහොත් සුදන්තගේ නාලිකාව බේරුණා.