මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබලත්වයෙන් යුතු භු කම්පාවක් බවයි.
පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බව සදහන්.
මෙම භූකම්පනය ඉන්දියාවේ අයිසාල් නගරයට ද දැනී ඇත.
කෙසේ වෙතත් භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් සිදුව නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.