කොත්මලේ පූඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සින්න වත්තේ මැද කොටසේ වතු නිවාස පේළියක අද (25) ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්නෙන් වතු නිවාස 4ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර කිසිවකුටත් හානි සිදුවී නැහැ.
එම නිවාස පේළියේ නිවාස 20ක් පිහිටා තිබෙන බවත් ඉන් එක් නිවාසයක ඇති වූ ගින්නකින් සෙසු නිවාසවලට පැතිර යාම හේතුවෙන් මෙම විනාශය සිදු ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ගින්නෙන් විනාශ වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.
විනාශ වු නිවාස හතරේ පදිංචිව සිටි වතු කම්කරුවන් 30 දෙනා තාවකාලිකව එම වතුයායේ ආරක්ෂිත ස්ථායක නතර කර තිබෙන බව පොලිසිය පවසනවා.