මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ තුන් හැවිරිදි දරුවෙක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි ආරංචි මාර්ග පවසන්නේ.
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවටගත් පිරිසට අයත් බව පොලිසිය ප්‍රකශ කරනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.