Google අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ඇතැම් රටවලට මේ වනවිට අවහිර වී ඇති බවට විදෙස් පුවත් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඇතැම් රටවල පරිශීලකයන්ට Gmail, YouTube අඩාල වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.
මෙම අඩාල වීම දකුණු සහ ගිනිකොනදිග යුරෝපයේ රටවලට, තුර්කියට බලපා තිබෙනවා.
එසේම නිව්යෝර්ක් සහ චිකාගෝ ඇතුළුව අමෙරිකාවේ ඇතැම් නගරවල ද ගූගල් අක්‍රිය වී ඇති බව පවසයි.